Powered By Blogger

Wednesday, 1 September 2021

කොවිඩ් සහ ලාංකික අධ්‍යාපනය

  • කොරෝනා වයිරසය හේතුවෙන් අධ්‍යාපනය ක්ෂේත්‍රයේ සිදුවී ඇති වෙනස්කම් 




චීනයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය මුළු මහත් වූ ලෝකවාසී භීතියට පත් කරමින් රටවල් 180 කට වඩා ප්‍රමාණයක පුද්ගලයින් මිලියන ගණනක්ගේ   ජීවිත අනතුරේ හෙළමින් මුළු ලොවම ගිලගෙන  ඇත .    ගෝලීය වසංගතයක් ලෙස මෙය හඳුන්වා දී ඇති අතර කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සීඝ්‍රතාවය සැලකිල්ලට ගනිමින් එය අවම කිරීම සඳහා සාමාන්‍ය ජනතාව නිවෙස් තුළට සීමා කිරීමට කටයුතු කර ඇත. 




මේ වන විට ශ්‍රී ලංකාවේ  ද  කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව ( 2021 /09/01  ) 440,302  දක්වා ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව (2021/09/01 ) 9186 ආසන්න වී ඇත.

 ශ්‍රී ලංකාව තුළ තුළ ව්‍යාප්ත වීම ආරම්භ වූ මුල් අවධිය තුළ රජය විසින් ඇඳිරි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත්කර  සාමාන්‍ය ජනතාව නිවෙස් තුළට සීමා කිරීමට ගත් සාධනීය පියවර හේතුවෙන්  පැතිරී යාම ඉතා සීඝ්‍ර  ලෙස පහත වැටුණි . ඉන් මාස කිහිපයකට පසු දෙවැනි රැල්ලක් නිර්මාණය වූහ, ඉන්පසු තුන්වෙනි රැල්ලක් සමඟ නව ප්‍රභේද හිස ඔසවනු ලැබීය.  ඉන්පසු වීසා නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීම, මගේ ගුවන් ගමන් සේවා තාවකාලිකව අත්හිටුවීම ,පොදු ස්ථාන සහ මහජන ප්‍රවාහන සේවාව  විසබීජහරණය ට පියවර ගැනීම, ආදායම් අඩු දෛනික වැටුප් ලබන ජනතාව සහන පැකේජයක් හඳුන්වා දීම, මහජන ඒකරාශී වීම අවම කිරීම, සේවා සැපයීමට සහ අධ්‍යාපනය සඳහා අන්තර්ජාල භාවිතයට සාමාන්‍ය ජනතාව දිරි ගැන්වීම වැනි විකල්ප ක්‍රියාමාර්ග සහ රටේ දෛනික කටයුතු සාමාන්‍ය ලෙස පවත්වාගෙන යාම සඳහා රජය විසින් යෝජනා කර ඇති අතර ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය සහ මාධ්‍ය ජාලා හරහා ඒ සඳහා ජනතාව දිරිගන්වමින් සිටී.


කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට එ එල්ලවී ඇති අභියෝග පිළිබඳ කතාබහ කිරීමේදී  , සම්පූර්ණ වශයෙන්ම අධ්‍යාපනය අතත්‍ය කරණයට  පත්ව ඇත ඒ අනුව පෙර පාසල් සිට විශ්ව විද්‍යාලය දක්වා මේ තත්ත්වය උදා වී ඇත .පාසල් විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන  ආයතන වසා දමන ලදී. මේ අනුව ළමයින්ට විධිමත් අධ්‍යාපන අහිමිවීම  අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ අපොස උසස් පෙළ විභාගය ,ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වීමට තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවීම මගින් ළමුන්ගේ වයස කාලය ගෙවී යෑම අධ්‍යාපන නිසි ලෙස නොලැබීම සිදුවීම  සිදුවිය . මේ නිසා රජය මඟින් පෙර පාසල් සිට විශ්ව විද්‍යාල දක්වා දරුවන්ගේ zoom app එක හරහා අධ්‍යාපනය හැදෑරීම ආරම්භ  කර  ඇත.

 මේ අනුව අධ්‍යාපන ක්ෂේත්‍රය අකර්මණ්‍ය වූ ක්ෂේත්‍රයක් ලෙස හඳුන්වා දී ඇත .මින් සිදු වූ අධ්‍යාපනික බලපෑම අති විශාලය.  දැකගත හැකි ප්‍රබල ප්‍රතිඵලයක් වන්නේ සමාජ  ආර්ථික පරිසරයේ බලපෑම වැඩි වීමයි. පාසල් වැසීම නිසා ධනවත් සහ දුප්පත් ලෙස සමාජය වසර ගණනාවක් යන තෙක් අධ්‍යාපනික අසමානතාවයට  ද එය තුඩු දුන්නේය.  ඒ අනුව විවිධ ගැටළු දුෂ්කරතා රාශියක් සිසුන් වෙත ළං කර දී ඇත.  සැබැවින්ම පාසල යනු ඉගෙනුම් ස්ථානයක් පමණක් නොවේ ඉගෙනුම ලබන දරුවන්ට ජීවිත ආරක්ෂාව පිළිබඳව ද උගන්වනු ලබයි,  පෝෂණය කායික සෞඛ්‍යය මෙන්ම චිත්තවේගීය සහයෝගය ලබා දෙන අතර ඉහළ සිට පහළ මට්ටමේ ආදායම් උපයන සෑම අයෙකුටම එය අදාළ වේ .  කෙසේ නමුත්  කොවිඩ් 19  හමුවේ අතරමග නැවතුනු අධ්‍යාපන ක්ෂේත්‍රය යළි යථා තත්ත්වයට පත් කිරීමට ශ්‍රී ලංකා රජය විසින් පියවර ගනු ලැබුණි . 



එහි මූලික පියවරක් වශයෙන් අන්තර්ජාලය ඔස්සේ දුරස්ථ අධ්‍යාපනික ක්‍රම යොදාගනිමින්   අධ්‍යාපන කටයුතු යළි ක්‍රියාවට නැංවීම සිදුවේ . වෙනදා පන්ති කාමරය තුළ සිදු කෙරෙන අධ්‍යාපනය වෙනුවට දුරස්ථව සිට ගුරුවරයා  google zoom , google classroom මයික්‍රොසොෆ්ට්, වට්ස්ඇප් සහ වයිබර් ආදී විවිධ තාක්ෂණික යෙදවුම් හරහා සැබැවින්ම සිසුන්ගේ විෂය නිර්දේශය ඉගැන්වීම් සිදු කරන ලදී. මෙතෙක් යෝජනා වී තිබෙන හොඳම විප්ලව ක්‍රමය වන්නේ ද මෙයයි.  මතු වූ හදිසි තත්ත්වයට අනුව අද අධ්‍යාපනික ක්‍රියාවලිය යළි ගොඩනැගීමට මෙම විද්‍යුත් අධ්‍යයනය රුකුලක් වූ නමුත් එහි සාර්ථකත්වය පිළිබඳ තරමක් දුරට ප්‍රශ්න කාරිය. 

එහිදී ගුරුවරුන් ශිෂ්‍යයන් මින් පෙර මෙවැනි දුරස්ථ අධ්‍යාපනය කෙරෙහි යොමු නොවී තිබීමත් ඒ සඳහා ප්‍රවේශ පහසුකම් නොමැතිකම මෙහිදී ගැඹුරින් අවධානය යොමු කළ යුතු කරුණු වෙයි.  2018 දී විදුලි සංදේශ සංවර්ධන අංශය විසින් ලෝක  ජනගහනය  51% ක ට පරිගණක නොමැති බවත්  41% ක් වැනි ප්‍රමාණයකට අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට නොහැකි බවත් වාර්තා කර තිබේ.  ශ්‍රී ලංකාව තුල මෙය ගත් කල කල එහි වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ ග්‍රාමීය වතුකර ජීවත්වෙන සිසුන්ට ය.  පරිගණක සාක්ෂරතාවය මෙන්ම ඩිජිටල් සාක්ෂරතාවය ග්‍රාමීය හා වතු කර අතින් ගත්කල නගරයට සාපේක්ෂව ඉතා පහළ අගයක් පවතී.  මේ හේතුවෙන් බහුතරයක් ග්‍රාමීය ප්‍රදේශ වල සිසුහු මෙම නව දුරස්ථ ඉගෙනුම් ක්‍රමවේදය හමුවේ දැඩි අසීරුතාවයකට මුහුණ දී සිටී.
 
මීට ප්‍රධාන වශයෙන් ග්‍රාමීය හා නාගරික පාසල් අතර සම්පත් බෙදී යාමේ විෂමතාවය තදින් බලපා ඇත . එමෙන්ම 2018 වසරේ දී යුනෙස්කෝ සංවිධානය විසින් අන්තර්ජාල ආරක්ෂක දිනය මුල් කරගෙන ශ්‍රී ලංකාවේ ලමුන්ගෙ අන්තර්ජාල භාවිතය පිළිබඳ  සිදුකළ සොයා බැලීමකදී හෙළි වූයේ ලංකාවේ ඩිජිටල් බෙදීමක් ඇති බවයි. එනම් පරිගණක හෝ අන්තර්ජාල පහසුකම් ඇති සහ නැති වශයෙන් පරතරයක් පවතින බවත්  නාගරික සිසුන්ට මෙහිදී මතු කෙරෙන ගැටළු ඉතාම අවම වුවත් ,ග්‍රාමීය සිසුන්ට දුරස්ථ අධ්‍යාපන ක්‍රමය ඔස්සේ දැඩි දුෂ්කරතාවයට පත් වී ඇත. නගරයේ මෙන් නොව ග්‍රාමීය ප්‍රදේශයන් වල දී සිසුන්ට දුරස්ථ අධ්‍යාපනය කරා පිවිසීමට හා ලබා ගැනීමට ඇති හැකියාව ඔවුන්ගේ නිවෙස් වල ඇති ආර්ථිකමය හා ද්‍රව්‍යමය තත්ත්වය මත තීරණය වීම ඊට හේතු වී ඇත .



පරිගණකය හා අන්තර්ජාල භාවිතයෙන් බහුවිධ ක්‍රම අනුගමනය කරමින් පාඩම් සකස්කර ගැනීමේදී මෙන්ම ඉගැන්වීම් කටයුතු සිදු කිරීමේදී ගුරුවරුන්ට දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වීම මෙම නව අධ්‍යාපන ක්‍රමවේදය තවත් එක් ගැටලුවකි. නූතන තාක්ෂණය සමඟ  මුසු වී කටයුතු කිරීමට වර්තමාන සිසුන්ට දැනුමක් පවතින මුත්, මීට ගුරුවරුන්ගේ පවතින සූදානම පුහුණුව සහ දැනුවත්භාවය  මදිකම ඊට බලපා ඇත.  මීට අමතරව මෙම ඉගැන්වීම් ක්‍රමවේදය විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අනුගත කිරීමට ඇති නොහැකියාව නිසා එම දරුවන්ගේ දෙමව්පියන්ට හෝ භාරකරුවන්ට සංකීර්ණ අභියෝගයන්ට මුහුණ දීමට සිදුවී ඇත . මෙම තත්ත්වය තවත් උග්‍ර වනුයේ දෛනික ආදායමෙන් යැපෙන දෙමව්පියන්ගේ හෝ භාරකරුවන් යටතේ ජීවත් වන සිසුන් හමුවේය .මෙවැනි අවස්ථා ගත පසුබිම් වල දරුවන්ට මෙහි බලපෑම විශාලතම ය . කෙසේ වෙතත් පාසල් අධ්‍යාපනය කඩා වැටීම සෑම දරුවෙකුට ම  බලපෑ හැකිය.    කාලීනව සිසුන්ගේ ප්‍රගතිය පිළිබඳ තොරතුරු නැතිවීමේ ඉහල විභවයක් සහ දුරස්ථ අධ්‍යාපනය ක්‍රමය සිසුන්ගේ ඉගෙනීම් ඒ දුෂ්කරතා හඳුනාගැනීමට ප්‍රමාද කරන අතර ඒ දීර්ඝ කාලීන ප්‍රතිඵල යන්ට ද හේතුවක් වනු නිසැකය.
 
එමෙන්ම අන්තර්ජාලයට සම්බන්ධ වී සයිබර් අවකාශයේ සැරිසරන විට දී හොඳ නරක වෙන් කර ගන්නා ආකාරයත් සයිබර් ආරක්ෂාව තහවුරු කරගන්නා ආකාරයත් බොහෝ දරුවන් පමණක් නොව වැඩිහිටියන් පවා හරිහැටි නොදනිති. තවද සමාජ මාධ්‍ය ඇතුළු ඩිජිටල් පරිහරණය පිළිබඳ ආකල්ප හා කුසලතා ප්‍රවර්ධනය වීම දෙපාර්ශවයම තුළ සිදු නොවීම මීට බලපා ඇත .ශ්‍රී ලංකාවේ දුරකථන භාවිතය නිසා ඇතැම් සිසුන්ගේ ජීවිත හානි පවා වාර්තා වූ අවස්ථා එමටය .එවැනි වාතාවරණයක් තුළ දුරකථනය හරහා දරුවන් විවිධ අපචාරයන්ට  මෙන්ම අපයෝජනයන්ට ලක් වීමේ ඉඩකඩ ඉතා වැඩිය.  දුරස්ථ අධ්‍යාපනය හරහා  සමස්ත ශිෂ්‍ය ප්‍රජාව ගෙන්  සම ප්‍රගතියක් කිසිසේත් බලාපොරොත්තු විය නොහැකිය . එළඹෙන   ශිෂ්‍යත්ව විභාගය සාමාන්‍ය පෙළ මෙන්ම උසස් පෙළ විභාග යන මෙම විභාගයන් වලට මුහුණ දීමට සිටින සිසුන්ට මේ නිසා වැඩි බලපෑමක් එල්ල වී ඇත. 
 මෙසේ පාසල් අධ්‍යාපනය මඟහැරී යෑම මෙම ශිෂ්‍ය කොට්ඨාසයන්ට ඉමහත් පාඩුවක් වනු නිසැකය . මේ හේතුවෙන් නුදුරේදි විවෘත වන පාසල් අධ්‍යාපනය සමඟ දුරස්ථ අධ්‍යාපනික ක්‍රමවේදයට දරුවන් සූදානම් කිරීම වැදගත් වේ . නගර ගම් වශයෙන් පාසල් භේදයකින් තොරව පරිගණක හා ඩිජිටල් තාක්ෂණය පිළිබඳ දැනුමක් දරුවන්ට ලබාදීම සිදුකළ යුතුය. එමෙන්ම ගුරුවරුන්ට ද ඒ  සම්බන්ධයෙන් දැනුම සහ පුහුණුව ලබාදීම ද අතිශය වැදගත්ය.  ඊට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම මඟින් තවදුරටත් මෙවැනි තත්වයක් හමුවේ ඍජුව මුහුණ දීමේ හැකියාව ශිෂ්‍ය මෙන්ම ගුරු ප්‍රජාවටද ශක්තියක් වනු ඇත.  එබැවින් මෙවැනි ඉගෙනුම් අර්බුද විසඳීම සඳහා නව අධ්‍යාපන ක්‍රම භාවිත කිරීමටත් වඩා නිර්මාණාත්මක ඉගෙනුම් ක්‍රම ආකෘති තාක්ෂණික ක්‍රම භාවිත කරමින් ඉගැන්වීමටත් දරුවන් ඊට   හුරුකරවීමට මෙය කදිම හැරවුම් ලක්ෂයක් විය හැකිය.
 මෙසේ දේශගුණික විපර්යාස ඇතුළු අනාගතයේදී සිදුවිය හැකි අර්බුදයන්ට මුහුණ දීමට සහ ඒවා ජය ගැනීමට නව අධ්‍යාපන ක්‍රම පාසල් අධ්‍යාපනයට අන්තර්ගත කිරීම තුළින් දරුවන්ට වඩාත් හොඳින් ඒවාට සූදානම් කිරීමට දැන් කාලය එළඹී ඇත .එයින්  අනාගතයේ දරුවන්ට අධ්‍යාපනික අවශ්‍යතාවය වඩාත් සවිමත් එකක් බවට පත් කළ හැකි වනු නිසැකය. 


කොවිඩ් සහ ලාංකික අධ්‍යාපනය

කොරෝනා වයිරසය හේතුවෙන් අධ්‍යාපනය ක්ෂේත්‍රයේ සිදුවී ඇති වෙනස්කම්   චී නයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය මුළු මහත් වූ ලෝකවාසී භීතියට පත් කරමින් රටවල...